
වත්මන් රජය වුවද නිවැරදි චේතනාවකින් රට ගොඩනැගීම සඳහා ඉදිරිපත් වේනම් ඊට තමාද සහය දීමට සූදානම් බව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඊයේ(25) මීරිගම, වේවැල්දෙණියේ මේධාලංකාර රාමාඤ්ඤ නිකායේ මහා නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.
රජය හොද වැඩපිළිවෙලක් යෝජනා කරන්නේ නම් තමාගේ සහය ඊට හිමිවන් බවත් එහිදී ජනාධිපති කවුද අගමැති කවුද යන්න තමාට වැදගත් නොවන බවද ෆොන්සේකා මහතා පැවසීය.
යුද අපරාධ සම්බන්ධයෙන් නැගෙන චෝදනාවල සත්‍ය-අසත්‍ය තාවය කුමක් වුවත් යුද්ධයේ වගකීම බාරගෙන ඕනෑම තැනකදී එම චෝදනාවලට පිළිතුරු දීමට තමා සූදානම් බව ෆොන්සේකා මහතා වැඩදුරටත් පැවසීය.









Comments