එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම සඳහා රටවල් තුනකින් සමන්විත කණ්ඩායමක් පත්කර තිබේ.
ශ්‍රී ලංකාව පිළිබදව ඇගයීම සඳහා ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින් රටවල් තුනකින් සමන්විත කණ්ඩායමක් පත් කර ඇතිබව මානව හිමිකම් මණ්ඩල වෙබ් අඩවියේ සදහන්වේ.
ඉන්දියාව, අප්‍රිකානු බෙනින් රාජ්‍යය සහ ස්පාඤ්ඤය එලෙස පත් කර ඇති රටවල් බව මානව හිමිකම් කොමිෂමේ වෙබ් අඩවියේ සදහන්වේ. මෙම රටවල් තුනම පසුගිය ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චිකර තිබීම විශේෂත්වයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192සඳහාම මෙසේ වසර 4න් 4ට නිරික්ෂණ රටවල් 3ක් නම් කිරීම සාමාන්‍ය සම්ප්රදායවේ.
මේ වසරේ ඔක්තෝම්බර් 22වැනිදා සිට නොවැම්බර් 05වැනිදා දක්වා පැවැත්වෙන ඇගයීම් කමිටු සැසිය සඳහා එමගින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.






