හිටපු හමුදාපති සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන ඒම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් දෙදෙනකු මත දෙකක් මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබේ.
මීට පෙර එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේ, සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට ගෙන ආවේ කෙටි කාලීන වැඩපිළිවෙළක් සඳහා පමණක් බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හිටපු හමුදාපතිවරයා, ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා ජවිපෙ සහ තමන් අතර තිබූ එකඟතාව ගැන නොදැනුවත්කම නිසා එවැනි ප්‍රකාශයක් කළ බව පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අද (27) රිවිර පුවත්පතේ පළ වී තිබෙන සම්මුඛ සාකච්ඡාවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතාගෙන් විමසා තිබේ. එහිදී අනුර දිසානායක මහතා පවසා ඇත්තේ ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශය මාධ්‍ය විසින් විකෘති කොට පළ කරනු ලැබ ඇති බවයි.
"ඕවා මාධයවලින් හදන විකෘති මත හැටියටයි අප දකින්නේ. මෙයින් පෙනෙන්නේ මෙවැනි මත ප්‍රචාරය කිරීමේ ප්‍රවාහයකට මාධ්‍ය ගොදුරු වී තිබෙන බවයි. එදා ජවිපෙ හා ෆොන්සේකා අතර තිබූ එකඟතාව අප ජනතාවට පැහැදිලි කළා." යැයිද ඔහු පවසයි.
කෙසේ වෙතත් ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය පළ වූයේ විද්‍යුත් මාධ්‍යවලය.








Comments
බිම්මට්ටමේ ජවිප ෙ ප්‍රචාරය එයයි !ඇත්ත කුමක්ද?දන්නාකෙනෙක් පහද ාදෙන්න.