අද අලුයම 4.30ට පමණ ගාල්ල දුම්රිය ස්ථානය අසල සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ගාල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සියලුම දුම්රිය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ ගාලු කොටුවෙන් පිටත්වීමට නියමිත සියලුම දුම්රියන් හික්කඩුව දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.








