හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් නිල්ගල රක්ෂිතයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් දැවී විනාශවිම පිටුපස යම් දේශපාලන බලවෙගයක් ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු වාර්තා වේ.ඊයේ(28) දහවල් කාලයේ මෙම ගින්න හටගත් එහිදී වන අඩවි නිලධාරීන් විසින් ගින්න නිවීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.
මේ අතර, ගල්ඔය ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නිල්ගල වනාන්තරයේ අක්කර 505ක් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීමේ සැලැසුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙන බව පසුගියදා පරිසර සංවිධාන අනාවරණය කර තිබිණි.
මේ වනාන්තරය එළි පෙහෙළි කර මල්දම්අබේ, පිටකුඹුර, බුලූපිටිය, සේරව හා පේරණ යන ගම්මානවල ජීවත්වන පවුල් 400ක් පදිංචි කිරීමට සැලැසුම් කර තිබේ. ඉඩම් කැබලි දස ලක්ෂයක් ජනතාව අතර බෙදා දීමේ රජයේ වැඩසටහනට සමගාමීව මේ ඉඩම් බෙදා දීම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත ය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් මේ වනාන්තර ජනතාව අතර බෙදා දීම සඳහා බිබිල ප්‍රාදේශීය ලේකම් වෙත පැවැරීම එම දෙපාර්තමේන්තුව විසින් ම සිදු කර තිබේ. දැනට ඉඩම් මැනීම් කර කොටස්වලට වෙන් කර මායිම් සලකුණු කිරීම ද අවසන් කර තිබේ.








