A+ R A-

IOC අපූරු ඉල්ලීමක්

E-mail Print PDF

altලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත ගොස් තිබියදී, ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමිය යුතු යැයි ලංකා ඉන්දියානු තෙල් සාමාගම (IOC ) අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

IOC සමාගම පවසන ආකාරයට සිය පාඩු පියවා ගැනීමට නම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 13කින් ඉහළ දැමිය යුතු වේ. 

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අමාත්‍ය සුසිල්‍ ප්‍රේමජයන්ත මහතා පවසා ඇත්තේ ඉන්දියාවේ තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි. IOC සමාගමට ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිවකුගෙන් අවසර ලබා ගත යුතු නැති බවද ඔහු පවසා ඇත.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල පහළ ගොස් තිබියදී ආණ්ඩුවට කොතෙක් ඉල්ලීම් ඉදිරිපත් වුවද ඉන්ධන මිල පහළ දැමීමට පියවර ගෙන නැත. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සිටින්නේ නෑසූ කන් ඇතිවය.

එවැනි තත්වයක් තුළ ඉන්දියානු තෙල් සමාගම විසින් කරන ලද මෙම ඉල්ලීම පිටුපස ඇති සම්බන්ධය කුමක්දැයි ඛනිජ තෙල් සේවකයෝ ප්‍රශ්න කරති.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 108 guests online

Advertisment

advertisment