A+ R A-

සිනමාවේ වසන්තය

E-mail Print PDF

 

තැන - නිට්ටඹුව ගැමුණු සිනමා ශාලාව ඉදිරිපිට

සිනමා ශාලාව තුළ තිරගත වන ‘විජය - කුවේණි’ 10.30 දර්ශනය නරඹා සිනමා ශාලාවෙන් පිටතට එන පේ‍්‍රක්ෂකයන්ය. ශාලාව ඉදිරිපිට කිසිවකු නැති බස් රථයක් නවතා පේ‍්‍රක්ෂකයන් එනමග බලා සිටින පොලිස් නිලධාරියෙකි. තවත් නිලධාරීන් කිහිපදෙනෙක් ද සමග සිටින මේ නිලධාරියා නිට්ටඹුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක රාජරත්නයි. මොවුන් සිටින්නේ අමුතුම වර්ගයේ මෙහෙයුමකට සූදානම්වය. හිටිහැටියේ නිලධාරීන් පේ‍්‍රක්ෂකයන් අතර සිටින යුවළක් නවත්වා ගනී. දෙදෙනාව ඇද බස් රථයට දමාගනී. පසුව එන තරුණ ජෝඩුවලට මුහුණදෙන්නට සිදුවන්නේ ද එම ඉරණමටමයි. ඔහුට සහාය වන තවත් නිලධාරියකු ද මේ ආකාරයෙන්ම සිනමාහලෙන් පිටවන තරුණ ජෝඩු බස්රියට දමාගනී. චිත‍්‍රපටයේ ප‍්‍රචාරක කටයුතු හා ශාලා නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි ප‍්‍රචාරක කළමනාකරු එදින පැමිණ සිටි නිසා මෙම සිදුවීමට මැදිහත් වේ.

ප‍්‍රචාරක කළමනාකරු - ඇයි මේ?

රාජරත්න - අපිට මව්පියන්ගෙන් කම්ප්ලේන් ඇවිත් තියෙනවා, මේ හෝල් එකට ඒ අයගෙ දුවල කොල්ලොත් එක්ක ෆිල්ම් බලන්න එනව කියලා.

ප‍්‍ර. කළමනාකරු - ඒක හරි වැඩක්නෙ. පොලිසියට අයිතියක් නැහැ මේ විදිහට ‘කපල්’ ඇදල අරන් පොලිස් වාහනවලට දාගන්න.

රාජරත්න - අපිට නීතිය උගන්වන්න එපා. මම කරන්නෙ මට  ඕන වැඬේ.

ඒ අතර තවත් තරුණ ජෝඩු පහළොවක් පමණ බස් රථයට දමාගනු ලබයි.

ප‍්‍ර. කළමනාකරු - මේ අය අතර එක්කෙනෙක්වත් බාලවයස්කාරයෝ නැහැ. මේක නීති විරෝධියි.

පොලිස් නිලධාරීන් එම ප‍්‍රකාශය නොඇසුණාක් මෙන් බස් රථයේ දොර වසාගනී.

උප පොලිස් පරීක්ෂක - මේ කට්ටිය අරන් පොලිසියට යන්න.

ඔහු ද ජීප් රියට නැග පොලිසිය වෙත යයි. ප‍්‍රචාරක කළමනාකරු ද ඔවුන් පසුපස පොලිසිය වෙත යයි.

පොලිසියේදී බස් රථයෙන් බස්සවාගන්නා තරුණ තරුණියන් පේළියට රැගෙන යයි.

රාජරත්න - කට්ටියගෙම නම්, ලිපින පොතේ ලියාගන්න. මව්පියන්ට කතා කරල ගෙන්නවා ගන්න.

ප‍්‍රචාරක කළමනාකරු - මහත්තයා කරුණාකරල ඒක නම් කරන්න එපා. හරියට මේ අය හෝටලේක ඉඳල ඇල්ලූව වගේනෙ ඔයගොල්ලො කි‍්‍රයා කරන්නෙ.

රාජරත්න - තමුසෙ, තමුසෙගෙ වැඩක් බලාගන්නවා. මගේ වැඬේ මම කරන්නෙ.

ප‍්‍ර. කළමනාකරු - මම මගේ වැඩ තමයි බලන්නෙ. මම මේ සෙකප එකේ ප‍්‍රචාරක කළමනාකරු. අපි ලක්ෂ ගණන් ප‍්‍රචාරයට යට කරල තමයි මේ පේ‍්‍රක්ෂකයො හෝල්වලට ගෙන්න ගන්නෙ.

(ඔහු ඒ අතර චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිව දුරකථනයට සම්බන්ධ කරගනී)

මෙන්න... චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිතුමා. පොඞ්ඩක් කතා කරන්න  ඕනලූ.

රාජරත්න - මට ඔය එක එකා එක්ක කතා කර කර ඉන්න බැහැ. මගේ වැඬේ මම කරන්නෙ.

පොලිස් පොතේ නම් ටික ලියැවෙයි.

රාජරත්න - ඔන්න මගේ වැඬේ මම කළා. දැන් තමුසෙ මොකද කියන්නෙ?

(ප‍්‍රචාරක කළමනාකරු මීට බලපෑම් කළ හැකි යැයි සිතෙන කලාවේ මහා කෙරුම්කරුවන්ට කතා කරයි. ප‍්‍රතිචාරයක් නැත. රටේ ඉහළම තැන මාධ්‍ය ප‍්‍රධානියාට කතා කරයි. රාජරත්නට ඇමතුමක් ලැබේ)

රාජරත්න නිලධාරියෙකුට - ඔන්න ඔය යක්කු ටික එළියට දානවා.

අජන්ත අලහකෝන්

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search