ලංකාවේ පළමු ඒකපුද්ගල ගී ප්‍රසංගය ලෙස සැලකෙන වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගය අවසන් කිරීමට තීරණය කර තිබේ. මීට 39 වසරකට පෙර එහි පළමු ප්‍රසංගය ලුම්බිණියේදී පැවැත් විණි. ඒ ජුලි මස 20 වැනි දිනකදීය. අවසන් ප්‍රසංගයද ලබන 20 වැනිදා ලුම්බිණියේදීම පැවැත්වීමට නියමිතය.
ප්‍රසංගයේ සමාප්තිය වෙනුවෙන් දින තුනක ප්‍රසංග තුනක් පැවැත් වේ. ඒ ජූලි 18 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනු නෙළුම් පොකුණේදීත් 19 වැනිදා අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම යොවුන් මධ්‍යස්ථානයේදීත් 20 වැනිදා ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් ලුම්බිණියේදීත් ලෙසිණි.







