15 වැනි ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් හිමි වී තිබේ. මීටර් 400 කාන්තා ධාවන තරගයෙන් ශිවන්ති රත්නායක පළමු රන් පදක්කම දිනා ගත් අතර පිරිමි මීටර් 400 ධාවන තරගයෙන් දුලාජ් මධුශංඛ රන් පදක්කමක් දිනා ගත්තේය.
එසේම උස පැනීමෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට නිමේෂා සිරිවර්ධන සමත් වූවාය.
ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104 දෙනකු සහභාගි වන අතර පදක්කම් 7ක් කෙරෙහි බලාපොරොත්තු තබා ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පවසති.






