ශ‍්‍රී ලන්කන් එයා ලයින්ස් සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ නිවස හොරු පැන ඇතැයි වාර්තා වේ. පසුගිය 7වැනිදා නුවරඑළියේ ගිය නිවැසියන් යළි පැමිණ ඇත්තේ 8 වැනිදාය.
නිවසට ඇතුළු වූ සොරුන් රුපියල් ලක්ෂ 80ක පමණ මුදල් හා භාණ්ඩ රැගෙන ගොස් තිබේ. සොරු ගෙන ගිය භාණ්ඩ අතර රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා රොලැස්ක් වර්ගයේ ඔරලෝසුවක්ද වේ.
ඊට අමතරව ඇමරිකානු ඩොලර් 11,500ක්, ස්ටලිං පවුම් 10,500ක් හා ශ‍්‍රී ලංකා රුපියල් ලක්ෂ 10ක් මුදල් රැගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
නිශාන්ත වික්‍රමසිංහ මහතා ජනාධිපති ආර්යාවගේ සොයුරෙකි.







