
ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තිබූ බාධාව සම්පූර්ණයෙන්ම ඉවත්ව තිබේ.
පසුගියදා කොළඹදී ජන විමුක්ති සහයෝගී පෙරමුණේ මහ සමුළුව පැවති අතර එහිදී එහි නම "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" ලෙස සංශෝධනය කෙරිණි. එමෙන්ම නව නිලධාරී මණ්ඩලයක්ද පත් කර ගනු ලැබූ අතර ව්‍යවස්ථාවද සංශෝධනය කෙරිණි. මෙම සංශෝධනය කිරීම් සමුළුවේ සියලූ සාමාජිකයින්ගේ ඒකමතික ඡන්දයෙන් සිදු විය.
මෙම සංශෝධන පිළිගත් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා විසින් ඊයේ (18)පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව සිය පක්ෂයට ඉදිරියේදී ලියාපදිංචි දේශපාලන පක්ෂයකට හිමි මැතිවරණවලට තරග කිරීම සියලු අයිතිවාසිකම් හිමි වන බවත් සිය පක්ෂයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව මේ අනුව නිරාකරණය වී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රකාශකයකු වැඩිදුරටත් පැවසීය.









Comments