Latest news
A+ R A-

ප්‍රෝඪාකාරී සම්මුඛ පරීක්ෂණ නවත්වා, සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙනු - ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

E-mail Print PDF

alt    ආණ්ඩුව පසුගියදා තම දේශපාලන බලය පාවිච්චි කර ලබාදුන් රැකියා හරහා උපාධිධාරීන් අපහසුතා රැසකට මුහුණ දී ඇති බවත්, මේ දිනවල ‘‘උපාධිධාරී අභ්‍යාසලාභී’’ තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ පසුගියදා ලබාදුන් අවිධිමත් පත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා පවත්වනු ලබන, පත්වීම් ලබානොදෙන ප්‍රෝඪාකාරී සම්මුඛ පරීක්ෂණ බවත් අද මරදාන CSR ශාලාවේ දී පැවති මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,

      ආණ්ඩුව පසුගිය කාලය පුරාම උපාධිධාරීන්ට බලපෑම් කරමින් තමන යටතේ ලියාපදිංචි කරවා ගෙන කිසිඳු ආකාරයක අයදුම්පත් කැඳවීමකින් තොරව, සම්මුණ පරීක්ෂණයක් හෝ නොකර රැකියා ලබාදුන්නා. ඒක දැන් මුළු රටම දන්න කරුණක්. එහෙම ලබාදීපු පත්වීම් ඇතුළෙ උපාධිධාරීන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළෙ නිකරුනේ කල් ගත කරන තත්ත්වයක් තියෙන්නේ. මාස 6 පුහුණුවක් කිව්වට එතන ඇති පුහුණුවක් නැහැ. ඔවුන්ට වාඩිවෙන්න තැනක් පවා නැහැ. සමහර දිස්ති‍්‍රක්වල වැටුප් පවා නියමිත පරිදි ගෙවන්නේ නැහැ.


      එහෙම අවිධිමත්ව දීපු රැුකියා වලට විරුද්ධව අප කි‍්‍රයාමාර්ග ගත්ත. ඉන්පස්සේ ආණ්ඩුව පෙබරවාරී 16 උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවාගන්න අයදුම්පත් කැදෙව්ව. මේ දවස්වල සම්මුඛ පරීක්ෂණ තියෙනවා. නමුත් ඒ සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ බොරුවට. එවායින් රැකියා දෙන්නේ නැහැ. රටට පේන්න, තමන් කරපු වැරදි වහගන්නයි මේ සම්මුඛ පරීක්ෂණ තියන්නේ. අත්තනෝමතික අන්දමින් කරන ලද බඳවා ගැනීම් නිසා දැන් ආණ්ඩුව අර්බුදයට ගිහිල්ලා. ඉන්න පිරිස ස්ථිර කරන්න සැලැස්මක් නැහැ. ඒ නිසා දැන් අලූතෙන්ම ඔවුන් කියනවා 2009 දෙසැම්බර් 31 දිනට උපාධිය අවසන් අය විතරයි බදවා ගන්නේ කියලා. හැබැයි දැන් පුහුණුවට 2010/2011/2012 උපාධිධාරීනුත් අරගෙන. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත. ඒකම රටේ උපාධිධාරීන්ට දෙවිඩියක සැලකිල්ලක්. පුදුම වැඩක්.


      ඊට අමතරව ආණ්ඩුව තවමත් නැගෙනහිර, උතුරු පළාත්වල උපාධිධාරීන්ට බලපෑම් කරනවා තමන් හා එකතු වුණේ නැත්නම් රැකියා දෙන්නෙ නෑ කියලා. රජයෙ රැකියා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ බූදලයක් නෙවෙයි. සන්ධාන ආණ්ඩුවේ බූදලයක් නෙවෙයි. රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නේ මේ රටේ ජනතාව. මේ කරන්නේ මුළු රාජ්‍ය අංශයම අකර්මන්‍ය කිරීමක්.


      ආණ්ඩුව හිතනවා මැතිඇමතිවරුන් පත්වෙච්ච වගේ උපාධිධාරීනුත් පත්වෙනවා කියලා. හොරකම්, මැරකම් වංචා දූෂණ කරලා බොරු කියල තමයි මැතිඇමතිවරු පත්වෙන්නේ. නමුත් උපාධියන් ගන්නේ දැඩි කැපකිරීමක් කරල. දෙමාපියො දුක්මහන්සියෙන් උගන්නලා. දැන් උපාධියක් අරගෙන මැතිඇමතිවරුගාවට යන්න සිද්ධ කරල තියෙනවා. උපාධියේ ගරුත්වය රාජපක්ෂ ආණ්ඩුය නැතිකරල තියෙන්නේ.


      මේ තත්ත්වයට එරෙහිව අපි මේ මාසෙ 21 මාතර නගරයේ දී සංකේත සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් පවත්වනවා, එදිනම මානව හිමිකම් කොමිෂමට මේ පිළිබඳ පැමිණිල්ලක් දමනවා. අපි සියලූම රැකියා විරහිත උපාධිධාරීන්ට, රටේ ජනතාවට කියනවා මේ අසාධාරණයට එරෙහිව අපිත් එක්ක එකතු වෙන්න කියලා.

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 80 guests online