හම්බන්තොට, කටුවන ප්‍රෙද්ශයේදී ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තා අද (22) පැවැති හදුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හදුනාගනු ලැබිණි.
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම පෙරෙට්ටුව පැවැත්විණි. පෙරෙට්ටුව සඳහා ඉදිරිපත්කර සිටි සාක්ෂිකරුවන් සිවු දෙනාගෙන් තිදෙනෙකු ඔහුව හදුනාගෙන තිබේ.







