ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම කොමිෂන් සභාව පවසන්නේ අධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුව අපැහැදිලි බවයි. ඒ පිළිබඳව සිය නීතිවේදීන් සමග සාකච්ඡා කරමින් සිටින බවද එම කොමිෂන් සභාව පවසයි.
මේ අතර පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ එම ප්‍රතිඵල ලබා ගත හැකිය.
පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විශාල අර්බුදයක් නිර්මාණය කළ අතර නැවත සමීක්ෂණය සඳහා ඉතිහාසයේ කිසිදු දිනක නොවූ තරම්, එනම් ඉල්ලුම් පත්‍ර 1,40,0000කට වැඩි ගණනක් ඉදිරිපත් විය.








