පලස්තීනයේ සංචාරයක නිරත වන රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඊයේ(26) පලස්තීන ජනපති මහමුද් අබ්බාස් හමු වූ බව එරට වාර්තා සඳහන් කරයි.
ජනාධිපති පුටින් මෙලෙස පලස්තීනයට පැමිණීමට පෙර ඊශ‍්‍රායලයේ එක් දින සංචාරයක නිරතවූ බව ද සඳහන් කරයි. සිරියාවේ අර්බුදය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ඊශ‍්‍රායල සංචාරයේදී පුටින් සහ ජනපති ෂිමොන් පිරේස් අතර සාකච්ඡාවක්ද පැවැත්විණි.
පලස්තීනයට පැමිණි පුටින් මැදපෙරදිග සාම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ජනපති අබ්බාස් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව ද දෙරට නායකයන් දෙපළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පලස්තීන රජයේ ප‍්‍රකාශකයෙකු පැවැසීය.






