ඉදිරි නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ටී.එම්.වී.පී. නායක ශිවනේෂතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයද උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
පිල්ලයාන් පසුගිය කාලයේ ආණ්ඩුව සමග යම් ගැටුමක් ඇති කර ගෙන තිබූ අතර ඒ තත්වය උපයෝගී කර ගෙන එක්සත් ජාතික පක්ෂය සිය මෙහෙයුම දියත් කරමින් සිටින බව වාර්තා වේ. මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡාද සිදුව ඇතැයි නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ පිල්ලයාන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවෙන් ඉදිරිපත් කරන අතර මුස්ලිම් කොංග්‍රසයද එක් කර ගැනීමටය. කෙසේ වෙතත් මුස්ලිම් කොංග්‍රසය පවසා ඇත්තේ නැගෙනහිර පළාතේ වැඩිම පදනම තිබෙන්නේ තමන්ට බැවින් මහ ඇමති ධුර අපේක්ෂකත්වය තමන්ට අවශ්‍ය බවයි. මෙවරත් මහ ඇමති අපේක්ෂකයා තමන් බව පිල්ලයාන් පවසා තිබේ.
නැගෙනහිර උද්ගතව ඇති මෙම මහ ඇමති අවුලට ඉන්දියාවද මැදිහත්ව ඇතැයි වාර්තා වේ. පිල්ලයාන් බොහෝදුරට ගනු ඇත්තේ ඉන්දියාව වඩාත් කැමති වන ස්ථාවරයක් නිසා ඒ සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ හා එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.








