බංගලාදේශයේ චිතගොං ප‍්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ශාව නිසා හදිසි ආපදා තත්වයක් මතුවී ඇත.
ගංවතුර හා ක`දු නායයාම් නිසා මේ වන විටත් 95කට අධික පිරිසක් මිය ගොස් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් හා දහස් ගණනකට තම වාසස්ථාන අහිමි වී ඇති බව චිතගොං හි දිස්ත‍්‍රික් කොමසාරිස් වරයා පවසයි.
දියේ ගිලී හා අකුණු සැර වැදීම නිසා පුද්ගල මරණ කිහිපයක් වාර්ථා වී ඇති බවත් ගංවතුර තත්වය නිසා එම ප‍්‍රදේශයේ මහා මාර්ග පද්ධතිය, දුම්රිය මාර්ග හා සංනිවේදන කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී ඇති බවද දිස්ත‍්‍රික් කොමසාරිස් වරයා වැඩිදුරටත් පවසා සිටියහ.







