විසුරුවා හරින ලද පළාත් සභාවලට අදාළ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයෑදුම්පත් භාරගැනීම අද (02වැනිදා) සිට ආරම්භ වන බව මැතිවරණ කාර්යාලය පවසයි.
තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට කැමැති රජයේ සේවකයන් අදාළ රාජ්‍ය ආයතන මගින් තැපැල් ඡන්ද අයෑදුම්පත් දිස්‌ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත එවිය යුතු බව මැතිවරණ කාර්යාලය පැවසීය. ඡන්දදායකයන්ගේ නාම ලේඛන, ත්‍රිවිධ හමුදා මූලස්‌ථාන, පොලිස් මූලස්‌ථාන, දිස්‌ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රදර්ශනය කරනු ලබන අතර එහිදීම තැපැල් ඡන්ද අයෑදුම් කළ හැකිය.
තැපැල් ඡන්ද අයෑදුම්පත් භාරගැනීම ලබන 19 වැනිදායින් අවසන් වෙයි.






