A+ R A-

උද්ධමනය තවත් ඉහළට

E-mail Print PDF

 

ජුනි මාසයේදී උද්ධමනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 9.3 ක් දක්වා වැඩිවී තිබෙන අතර පසුගිය මැයි මාසයේදී උද්ධමනය සියයට 7.0 ක මට්ටමක පැවතුණි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ ජුනි මාසයේ ආහාර මිල ගණන් වැඩි වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර එහි ඉහළ නැගීම සියයට 3.8 කි.

ආහාර නොවන භාණ්ඩවල ඉහළ නැගීම සියයට 0.4 ක් බව සඳහන්ය.

රුපියල අවප්‍රමාණවීම නිසා ආනයන භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබෙන අතර එයද උද්ධමනය වැඩිවීමට හේතුවකි.

විමසුම අසුරිනි

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment