මේ වසරේ මුල් මාස හතර තුළදී 2012 වසරේ ඉලක්කගත අයවැය හිඟය දෙගුණ වී තිබෙන අතර බදු ආදායමට සාපේක්ෂව වර්තන වියදම් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.
රජයේ නිළ දත්ත වලට අනුව මේ වසරේ අප්රේලල් දක්වා රාජ්ය ආදායම සියයට 7.2 කින් වර්ධනය වී රුපියල් බිලියන 305.5 ක්වී තිබෙන අතර වර්තන වියදම් සියයට 23.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 445.3 ක්වී ඇත.
මේ කාලයේදී පොලී වියදම් රුපියල් බිලියන 142.2 ක සිට රුපියල් බිලියන 173.6 ත් දක්වා වැඩිවී තිබෙන අතර පොහොර සහනාධාර වියදම දෙගුණ වී රුපියල් බිලියන 13.0 ක්වී තිබේ.
බදු ආදායම් වැඩිවී ඇත්තේ සියයට 10.7 කිනි. නිළ දත්ත අනාවරණය කරන ආකාරයට 2012 අප්රේීල් දක්වා බදු ආදායම් ලෙස රුපියල් බිලියන 276.4 ක මුදලක් උපයාගෙන තිබුණත් බදු නොවන ආදායම් සියයට 17.5 කින් අඩුවී උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 29.0 කි.
මේ අනුව, මේ වසරේ මුල් මාස හතර තුළදී ආදායම් හිඟය හෙවත් සම්පූර්ණ ආදායම හා වර්තන වියදම අතර පරතරය සියයට 86 කින් වර්ධනය වී තිබේ. එම ආදායම් හිඟය රුපියල් බිලියන 139. 8 ක් වන අතර එය පුරෝකතනය කර තිබෙන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.8 ක ප්ර.මාණයක් වෙයි.
2012 අයවැය මගින් පුරෝකතනය කර තිබෙන්නේ බදු ආදායම් ලෙස ට්රිනලියනයක මුදලක් උපයා ගැනීම වන අතර එය ගිය වසරේ බදු ආදායමට වඩා සියයට 23.6 ක වැඩි අගයකි.
මීට අමතරව, ශුද්ධ ප්රා ග්ධන වියදම්ද මේ කාලයේදී සියයට 46 කින් වර්ධනය වී රුපියල් බිලියන 143.8 ක් වැයකර තිබෙන අතර මේ නිසා සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 285.8 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්ර්තිශතයක් ලෙස සියයට 3.81 ක්වී තිබේ.
මේ සඳහා දීමනා ඇතුළත්ව නොමැති අතර දීමනා ප්රයමාණය රුපියල් බිලියන 2.0 ක් පමණක් වෙයි.
විමසුම අසුරිනි







