වව්නියාව බන්ධනාගාරයේදී පහර කෑමට ලක් වූ නිමලරූබන් නමැති රැඳවියා අද රාගම රෝහලේදී මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
පසුගියදා වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් විසින් ක‍්‍රියාත්මක කළ විරෝධතාව මර්දනය කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසින් මොහුට පහරදී ඇතැයි වාර්තා වේ. ඉන් පසුව වව්නියාව බන්ධනාගාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියන් අතර ඔහු සිට ඇති අතර වාර්තා වන අන්දමට අනුරාධපුර බන්ධනාගාරයේදීද දරුණු ලෙස පහර කෑමට ලක්ව තිබේ.
ඉන් අනතුරුව පසුගියදා ඔහු මහර බන්ධනාගාරයට මාරු කර එවා ඇත. මහර බන්ධනාගාරයේදී අසාධ්‍ය තත්වයට පත් වීමෙන් පසුව රාගම රෝහලට ඇතුළත් කර තිබේ. මහර බන්ධනාගාරයේදීද පහර කෑමට ලක්වූයේද යන්න පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වන්නේ නැත.
රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු අද උදෑසන මරණයට පත්ව තිබේ.







