එංගලන්තය හා ඕස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගයේ ජය ලැබීමට එංගලන්ත පිල සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7 කට ලකුණු 251ක් ලබාගත් අතර වොට්සන් ලකුණු 66ක් සහ ජෝර්ජ් බොයිලි ලකුණු 65ක් ලබාගෙන ඕස්ට්‍රෙලියානු ඉනිම ශක්තිමත් කලේය.
ලකුණු 252 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 45.4 දී කඩුළු 4ක් පමණක් දැවී සිය ඉලක්කය කරා ලඟාවෙමින් පහසු ජයක් වාර්ථා කළ අතර ඉයන් බෙල් හා රවී බොපාරා පිත්තෙන් දස්කම් දක්වමින් පිළිවෙලින් ලකුණු 75ක් හා 82ක් ලබාගනිමින් එංගලන්ත ජයග්‍රහණය ශක්තිමත් කළේය.
මේ අනුව පැවති තරග දෙකින්ම ජයග්‍රහණය කරමින් එංගලන්ත කණ්ඩායම 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටී.












