ශ්රී ලංකා නාවික හමුදාව යුධ අපරාධ සිදු කර ඇතැයි කැනේඩියානු අධිකරණයක් විසින් තීන්දු කර ඇති බව බී බී සී සංදේශය වාර්තා කරයි.
ශ්රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු නඩරාජා කුරුපරන් ඇතුළු ඔහුගේ පවුලේ අය විසින් කැනඩාවේ දේශපාලන රැකවරණ ඉල්ලමින් ගොනු කළ අභියාචනයක් ප්රතික්ෂේප කරමින් අධිකරණය මෙම තීන්දුව ප්රකාශ කර තිබේ.
නාවික හමුදාව යුධ අපරාධ සිදු කළ ආයතනයක් බවත් එම අපරාධ සිදු කරන කාලයේ ඒ බව දැන දැනම කුරුපරන් එහි සේවය කළ බවත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයේ දැක්වේ.








