ආසියානු සමුළු යොවුන් පාපන්දු ශූරතාවයට සුදුසුකම් ලැබීමේ තරග වටයේ අවසන් තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කිරිකිස්ථානය හමුවේ ගෝල 5-0 ලෙස පරාජයට පත් විය.
තරගයේ පළමු අර්ධයේදී ගෝල 3-0 ලෙස කිරිකිස්ථානය ඉදිරියෙන් සිටීමට සමත් විය. දෙවන අර්ධයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක වීමට අවකාශ නොලැබුණු අතර කිරිකිස්ථානය ගෝල දෙකක් ලැබීමට සමත්විය.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය හා පලස්තීනය සමග පැවැති තරග දෙක ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ අතර සෞදි අරාබිය ඉදිරියේ ගෝල 7-0 ලෙසත් සිරියාව ඉදිරියේ ගෝල 4-0 ලෙසත් පරාජයට පත් විය.
ලබන පෙබරවාරි මස නවදිල්ලි නුවර පැවැත්වෙන සාෆ් ක්‍රීඩා උළෙලට සූදානම් වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මෙම අන්ත පසුබෑම ඉදිරියේ වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීමට සිදුවනු ඇත.








