යොනෙක්ස් ඇමරිකානු බැඩ්මින්ටන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරැණාරත්න සමත් විය. පසුගිය 04 වන දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවැති තරගයේ දී ජපන් ක්‍රීඩක ෂූ වාදා 21-19, 14-21 හා 21-16 ලෙස පරාජය කිරීමට සමත් වීමත් සමග නිලූකට මෙම අවස්ථාව හිමිවිය.
අද දින (06) අවසන් පූර්ව වටයේ තරගයේ දී නිලූක, ලොව ශ්‍රේණිගත කිරීමේ 44 වැනි ස්ථානයේ පසුවන රැසියානු ක්‍රීඩක වැලැදිමීර් ඉවැනොව් සමග තරග වැදීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 28ක ක්‍රීඩකයන් 172ක් පමණ සහභාගිවන අතර නිලූක මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 51 වන ස්ථානයේ සිටී.







