ප්‍රසාද ලකුණු 851 ක් ලබාගෙන ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවූ කුමාර සංගක්කාර පාකිස්ථානය සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ගොඩනැගූ ලකුණු 192ක ඉනිමත් සමග ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැඳීසිටි ඉන්දීය කොදෙව් පිළේ සිවනරීන් චන්ද්‍ර පෝල් (ප්‍රසාද ලකුණු 856) දෙවන ස්ථානයට ඇද දමමින් එම කිරැල හිමි කරගැනීමට සමත් විය.
මෙම වසරේ පෙබරවාරි මාසයේ දී සංගක්කාර ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටිය ද පසුගිය එංගන්ත සංචාරයේ දී දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වීම හේතුවෙන් 5 වන ස්ථානයට පල්ලම් බැස තිබුණි.
දැන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළමු පළමු ස්ථානය හිමි ක්‍රීඩකයන් දසදෙනා පිලිවෙලින් මෙසේය. කුමාර සංගක්කාර(892), ශිවනරින් චන්ද්‍ර පෝල්(856), ඒ.බී. ඩිවිලියස්(821), ජැක් කාලිස්(819), යුනිස් ඛාන්(796), මයිකල් ක්ලාක්(771), හෂීම් අම්ලා(763), රෝස් ටේලර්(761), ඇලෙස්ටෙයාර් කූක්(756), ග්‍රැහැම් ස්මිත්(753)









