A+ R A-

හරිහරන් නොඒම පිටුපස තමිල්නාඩු බලපෑම

E-mail Print PDF

 

"හරිහරන් ලයිව් ඉන් කෝනසර්ට්" සංගීත ප‍‍්‍රසංගය සඳහා මෙරටට පැමිණීමට නියමිතව සිටි සුප‍‍්‍රකට ඉන්දීය ගායන ශිල්පී ’හරිහාරන්’ නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් ශ‍‍්‍රී ලංකාවට නොපැමිණිම හේතුවෙන් ඊයෙ (07) සවස 7.00ට කොළඹ බ්ලූම්ෆීල්ඩ් කී‍‍්‍රඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ අදාල ප්‍රසංගය අවලංගු කිරීමට සංවිධායකයන්ට සිදුවිය.

මෙම ප‍‍්‍රසංගයට සහභාගී නොවන මෙන් තමිල්නාඩුවේ පදනම් වූ දෙමළ සංවිධාන කිහිපයක් හරිහරන් ගෙන් ඉල්ලා ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කරයි.

මෙම පුවත් සේවය වෙත අදහස් දක්වමින් හරිහරන් පවසා ඇත්තේ දෙමළ ජාතිකයන් ගේ අදහස් වලට ගරුකිරීමක් වශයෙන් මෙම තීරණය ගත් බවයි.

දශක තුනක් පුරාවට සිය සංගීතය සාමය, සතුට හා ආදරය පතුරවා ඇති බවත්, එක් ප‍‍්‍රසංගයක් හේතුවෙන් සිය රසිකරසිකාවියන් අතර මෙතරම් කනස්සල්ලක් ඇති වේ නම්, එමගින් එම ප‍‍්‍රසංගයේ අරමුණ පවා අහිමි ව යන බව හරිහරන් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවයට පවසා ඇත.

කෙසේ වෙතත් මෙම සංගීත ප‍‍්‍රසංගය සඳහා මිලදී ගත් ප‍‍්‍රවේශපත‍‍්‍රවල අදාළ මුදල් එම ප‍‍්‍රවේශපත් මිලදී ගත් ස්ථානවලින්ම ආපසු ලබා ගැනීමට හැකි බවත්, මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවක් සිදුවී නම් ඒ පිළිබද බලවත් කණගාටුව ප‍‍්‍රකාශ කරන බවත් හිරු ටීවී හා එක් ව මෙම ප‍‍්‍රසංගය සම සංවිධායනය කළ ලකී ඒෂියා සමාගම කියා සිටියි.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 109 guests online

Advertisment

advertisment