රුසියාවේ ක්‍රස්නෝදාර් ප්‍රාන්තයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් පුද්ගල මරණ සංඛ්‍යාව 78 දක්වා ඉහලගොස් ඇති අතර පුද්ගලයින් 13,000 කට අධික පිරිසක් අවතැන්වී ඇති බවද බව වාර්ථාවේ.
රාත්‍රී කාලයේදී ගංවතුර තත්වය හදිසියේ ඉහල යෑම මෙම පුද්ගල මරණ ඉහල යෑමට බලපා ඇති බව එරට රජය පවසයි. අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා රුසියානු රජය කටයුතු කරමින් සිටින බව පැවසීය.







