මෙවර පළාත් සභා මැතිවරණයේදී දේශපාලන පක්ෂ කාර්යාල පිහිටුවීමේදී නව නීති කිහිපයක් හදුන්වාදීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබේ. ඒ අනුව මැතිවරණයට අදාළව පක්ෂ කාර්යාල පිහිටුවන්නේ නම් ඒවා ස්ථාපිත කරනු ලබන ගොඩනැගිලිවල අයිතිකරුවන්ගෙන් ඒ සදහා අවසර ලබා දෙන ලිපියක් ලබාගත යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත දැනුම්දී තිබේ.
එමෙන්ම මැතිවරණ කාර්යාල පිහිටුවීමේදී අපේක්ෂකයන්ට කාර්යාල පිහිටුවිය හැක්කේ තම නිවසේ පමණි. පක්ෂයට මධ්‍ය කාර්යාලයක් සහ ඡන්ද බලප්රදේශයකට එක් කාර්යාලයක් පිහිටුවිමට හැකියාව ඇත.
රජයේ ගොඩනැගිලි කාර්යාල වශයෙන් යොදා ගැනීම වැලැක්වීම සඳහා මෙම නවනීති හදුන්වාදුන් බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.







