Latest news
A+ R A-

තුණ්ඩු උඩ දමා උපාධිධාරීන්ට රැකියා දෙන රටක්

E-mail Print PDF

 

තුණ්ඩු උඩ දමා රැකියාව තෝරාගන්නා තත්ත්වයට ආණ්ඩුව උපාධිධාරීන් හෑල්ලුවට ලක්කරමින් සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව පෙන්වා දෙයි.

එම නිවේදනය මෙසේය:

පසුගිය කාලය තුළ උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු සදහා රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගත් අතර අවිධිමත් පරිදි සිදු කළ එකී බදවා ගැනීම් හේතුවෙන් මේ වනවිට බරපතල ගැටලූ ගණනාවක් මතුව ඇත. විශේෂයෙන් විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවා සිදු නොකරමින් මෙසේ බදවා ගැනීම නිසා තත්ත්වය වඩාත් ගැටලූකාරී වී ඇත. එලෙස බදවාගත් උපාධිධාරීන් මේ වනවිට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිකරුණේ කාලය ගත කරන අතර සමහර දිස්ති‍්‍රක්කවල ඔවුන් සමෘද්ධි බැංකු වෙත යොමු කර ඇත. මෙසේ අවිධිමත් පරිදි උපාධියට නොසුදුසු රැකියා ලබාදෙමින් සිටී. මෙසේ   බදවාගත් උපාධිධාරීන් අතර ඉංගී‍්‍රසි මාධ්‍ය උපාධිධාරීන්ද සිටින අතර විශේෂවේදී උපාධි හැදැරූවන්ද සිටිති.

මෙසේ බදවාගත් උපාධිධාරීන් මාස 6න් පසු ස්ථිර කරන බව පැවසුවද මේ වනතෙක් ඊට අදාළ කටයුතු සිදුකර නොමැත. එසේ තිබියදී පුහුණුව ලබන කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උපාධිධාරීන් පිරිසකට පමණක් මෙම මස 19දින ස්ථිර පත්වීම් ලබා සූදානමක් පවතී. ඊට අමතරව මාතර ගාල්ල වැනි දිස්ති‍්‍රක්කවල 2009දෙසැම්බර් 31දිනෙන් පසුව උපාධි ලබාගත් උපාධිධාරීන්ට රැකියා ලබානොදීමට තීරණය කර ඇත. නමුත් වෙනත් දිස්ති‍්‍රක්කවල (හම්බන්තොට, අම්පාර) 2010/2011වසරවල පමණක් නොව 2012වසරවල උපාධිධාරීන්ටද රැකියා ලබාදී ඇත. මේ අනුව කිසිදු වැඩපිළිවෙළක් නැතිව රැකියා ලබාදීමේ ආදීනව පැහැදිලි වේ.

මේ අතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සහකාර ලේඛකාධිකාරී තනතුරු සදහා අරුම පුදුම ආකාරයේ බදවා ගැනීමක් කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් නිකවැරටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ. එහිදී එම තනතුර සදහා ඉල්ලූම් කරන මෙන් එහි සිටින උපාධිධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර එහි සිටි පුහුණු උපාධිධාරීන් 60දෙනාම ඒ සදහා අයදුම්කර ඇත. එහිදී සහකාර ලේඛකාධාකාරී තනතුර සදහා සුදුස්සකු තෝරාගෙන ඇත්තේ තුණ්ඩුවක් උඩ විසිකරමිනි. එහිදී තුණ්ඩු 60ක් සකසා එකක තනතුරේ නම සදහන් කර උඩ දමා ඇත. ඉතිහාසයේ පළමු වතාවට වාර්තාවන මෙම සිදුවීම රාජ්‍ය සේවය පවා හෑල්ලූවට ලක්කරන්නක් ද වේ.

මෙසේ සිදුකර ඇති අවිධිමත් බදවාගැනීම් පිළිබද දැන්වත් විධිමත් පරීක්ෂණයක් සිදුකොට උපාධිධාරීන් අදාළ සේවයන්හි ස්ථිර කරන ලෙසත් බදවා නොගත් සියලූ උපාධිධාරීන් වහා බදවා ගන්නා ලෙසත් අවධාරණය කරමු. මේ අවිධිමත් රැකියාදීම් නැවැත්වීම සදහා සියලූම රාජ්‍ය සේවකයන් පෙරමුණ ගන්නා මෙන් ඉල්ලා සිටි

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 73 guests online