DNS changer වෛරසය ඇතුළුවූ පරිගණක වලට අද (09) දින අන්තර්ජාලයට පිවිසීම මඟ ඇහිරෙනු ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මීට මාස 06කට පමණ පෙර ඇමරිකාවේ FBI ආයතනය විසින් හදුනා ගැනුණු මෙම මැල්වෙයා ගණයේ පරිගණක වෛරසය මගින් පරිගණකයට කිසිදු හානියක් සිදු නොකරන අතර, පරිගණකයේ DNS setting ව්‍යාජ DNS servers වලට වෙනස් කිරීම මෙමගින් සිදුවෙනවා. ඒ හරහා යම් පුද්ගලයකු තමන්ට අවශ්‍ය වෙබ් අඩවියකට යාමේදී එම වෙබ් අඩවිය වෙනුවට වෙනත් වෙබ් අඩවියක් ඔහු වෙත ලබාදීම සිදු කෙරේ.
කෙසේ වෙතත් උසාවි නියෝගයක් හරහා මෙම ව්‍යාජ DNS servers අද දින අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට FBI ආයතනය කටයුතු කිරීමට නියමිතය. මෙසේ ඉවත් කිරීමත් සමඟ වෛරසය ඇතුළත්ව ඇති පරිගණකවලට අන්තර්ජාලයට පිවිසීම මඟහැරෙනු ඇත. මෙම වෛරසය දැනටමත් ඔබේ පරිගණකයේ පවතීද න්න www.slcret.gov.lk වෙබ් අඩවියේ ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් සොයාගත හැක. එමෙන්ම වෛරසය ඉවත් කිරීම සදහා අදාළ උපදෙස්ද එම වෙබ් අඩවියේ අන්තර්ගතව ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර අංශය පවසයි.









Comments