ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගීවූ සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ගම්වැසියන් පහරදීම හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇති බව වාර්තාවේ. ඔහුගේ දේහය අද පෙරවරු 10.45ට පමණ කන්තලේ රෝහලට රැගෙන ආ බවත්, මේවන විට එය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවත් රෝහල් ප්‍රකාශිකාවක අප වෙත පැවසීය.








