Latest news
A+ R A-

අතුරුදහන්වූ සිසුවියන් සය දෙනා හමුවෙයි

E-mail Print PDF

හැටන් - ශාන්ත ගේබි‍්‍රයල් බාලිකා විද්‍යාලයේ නේවාසිකාගාරයෙන් අතුරුදහන්ව සිටි සිසුවියන් 6දෙනා පිළිබද තොරතුරු ඊයේ සවස වන විට පොලීසියට ලැබී තිබේ. ඉන් එක් සිසුවියක් අම්පාර ප‍්‍රදේශයේ තම නිවසට ගොස් ඇති අතර, අනෙක් 5දෙනා මින්නේරිය ප‍්‍රදේශයේ තම මිතුරියකගේ නිවසක රැදී සිටින බව දෙමාපියන් වෙත දුරකථනයෙන් දැනුම් දී  ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී අජිත් රෝහණ  සඳහන් කරයි.

මොවුන් අද (10) අදාළ නේවාසිකාගාරයට භාරදෙන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටියේය.

මොවුන් අතර, 13ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු, 11වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දෙදෙනෙකු සහ 9සහ 7යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකු ද වන අතර, එම  ශිෂ්‍යාවන්  අවුරුදු 13, 15, 16සහ 19වයස්‌ සීමාවල පසුවන අය සිටින බව පොලිසිය පවසයි.

අතුරුදන්ව ඇති ශිෂ්‍යාවෝ නුවරඑළිය, දෙහිවල, ගිනිගත්හේන, වැල්ලම්පිටිය, චීන වරාය සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති. මෙම ශිෂ්‍යාවන්ගේ දෙමව්පියෝ ඊයේ දහවල් වන විට හැටන් පොලිසිය වෙත පැමිණ සිටියහ.

මෙම නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් 50දෙනකු නේවාසිකව සිටින අතර පෙරේදා රාත්‍රි 10.30ට මොවුන් සියලු දෙනා නේවාසිකාගාරයේ සිට ඇත. නේවාසිකාගාර පාලිකාව ඊයේ (9දා) උදෑසන නේවාසිකාගාරය පරීක්‍ෂා කරද්දී මෙම ශිෂ්‍යාවන් අතුරුදන්ව ඇති බව සැලවිය. ඒ අනුව මේ පිළිබඳව කන්‍යාරාමයේ පාලකයන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙසේ අතුරුදන් වූ ශිෂ්‍යාවන් ලිපි හයක්‌ ලියා තබා ගොස්‌ ඇති බවත් එම ලිපි සියල්ල පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන ඇති බවත් කන්‍යාරාමයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. මෙම කන්‍යාරාමයට දැඩි ආරක්‍ෂාවක්‌ ලබා දී තිබෙද්දී මේ ආකාරයට ශිෂ්‍යාවන් පැනගියේ කෙසේද යන්න විශාල ගැටලුවක්‌ බව පොලිසිය පවසයි.

This content has been locked. You can no longer post any comment.

online

We have 118 guests online

Advertisment

advertisment