A+ R A-

වරුණ සමාජවාදී ජාත්‍යන්තරය අමතයි

E-mail Print PDF

ජනඅරගල ව්‍යාපාරයේ ප්‍රචාරක සහ මාධ්‍ය ලේකම්, වරුණ රාජපක්ෂ මහතා පසුගියදා බෙල්ජියමේ පැවැති සමාජවාදී ජාත්‍යන්තරයේ ග්‍රීස්ම කඳවුර අමතා තිබේ. එම කඳවුර සඳහා රටවල් රැසක නියෝජිතයින් 400කට අධික ප්‍රමාණයක් සහභාගීවී වූහ.

කඳවුරේදී යුරෝපයේ කප්පාදු වැඩසහනින් පසු වාමාංශික ව්‍යාපාරයේ නැඟීම සම්බන්ධයෙන් සාකච්ඡාවිය. එමෙන්ම පලස්තීනයේ, ශ්‍රී ලංකාවේ සහ කියුබෙක් රාජ්‍යයේ ජාතික ගැටළුව සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකාවේ වාමාංශීක ව්‍යාපාරයේ නැගීම සම්බන්ධයෙන් මෙහිදී වරුණ රාජපක්ෂ මහතා අදහස් දක්වා ඇත.

ඊට සහභාගීවූ එක්සත් රාජධානියේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ‍පීටර් ‍ට‍ෆ් Peter Tuff මහතා යුරෝපා ආර්ථික අවපාතය හමුවේ ක්‍රියාත්මකවූ කප්පාදු වැඩසටහනට එරෙහිව පැන නැගී ඇති ජනතා නැගී සිටීම් සමාජ පරිවර්තනයක් දක්වා වර්ධනය කිරීමේ අභියේගය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

මෙම කඳවුරට වරුණ රාජපක්ෂ මහතා සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් සේනක හෙට්ටිආරච්චි මහතාද සහභාගීවූහ.

මේ අතර වරුණ රාජපක්ෂ මහතා ලබන 12 වැනිදා බෙල්ජියමේ ජෙන්ට් සරසවියේ පැවැත්වෙන් සමාජවාදී රැලියද ඇමතීමට නියමිත බව වාර්තාවේ. 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

online

We have 86 guests online

Advertisment

advertisment