අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුහුනදී තිබෙන අර්බුදය පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයකට එලඹීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය තොට ඇත. ජුලි 09 දින සිට ආරම්භකරන ලද මෙම වැඩපිලිවෙලෙහි එක් පියවරක් වශයෙන් 2012.07.11 වන අද දින දවස පුරා මාතර නගරයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී අත්සන් දසලක්ෂයේ මහජන පෙත්සමට අත්සන් ලබාගැනීම, අත් පත්‍රිකා බෙදීම සහ ස්ටිකරයක් බෙදාදීමට සැලසුම්කර ඇත.
ආණ්ඩුව වසරෙන් වසර අධ්‍යාපනය වෙනුවෙන් වැයකරන ප්‍රතිපාදන ශීඝ්‍රයෙන් කප්පාදු කරමින් සිටින බවත් 2005 දී දළ ජාතික නිශ්පාදනයෙන් 3.4% ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ අතර එය 2011 වන විට 1.7% දක්වා දැවැන්ත කප්පාදුවක් කර ඇති බවත් මේ හේතුවෙන් ප්‍රාථමික අධ්‍යපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දකවා වූ ක්‍රියාවලිය දැවන්ත ලෙස ප්‍රමානාත්මකව සහ ගුණාත්මකව විනාශවෙමින් පවතින බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

අධ්‍යාපනය සඳහා ජාතික ආදායමෙන් අවම වශයෙන් 6% ක් වෙන්කිරීම, 2008 වසරේ වැටුප් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මගින් 2012 ජුලි මස 04 වන දින සිට ආරම්භ කරඇති දීප විය්‍යප්ත අඛන්ඩ වර්ජනයට මේ වන විට දින 06 ක් ගත වුවද අදාල පාර්ෂවයන්ගෙන් මේ දක්වා නිසි පිලිතුරක් ලැබී නොමැත.








