Latest news
A+ R A-

බැසිල් ඉන්දියාවට

E-mail Print PDF

alt

උගත් පාඩම් සහ ප්‍රතිසංධානය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේදී ඉන්දියවේ සංචාරයක නිරත වන බව වාර්තාවේ.

යුද තත්ත්වයත් සමග උතුරේ හමුදා ක්‍රියාකාරීත්වය වෙනුවට උතුරේ ජනතාව වෙත ඉතා ඉක්මනින් අත්කර දිය යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව සපුරාලීමට අසමත්වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව කරා විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම එල්ලවීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකු වූ දරුස්මාන් ඇතුළු පිරිසක් මැදිහත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ අතර ඒ සමඟ කලබල වූ ආණ්ඩුව උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිෂම ක්‍රියාවට නැංවීය.

අනතුරුව එම වාර්තාව එළිදැක්වීමත් සමග එකී වාර්තාවේ සදහන් කරුණු ක්‍රියාවට නංවන ලෙස එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඉන්දියාවද බල කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ ඊට එරෙහිව පෙනී සිටි දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ ජනයා නියෝජනය සදහා මැදිහත් වනවා යැයි කියන බොහෝ දෙනා LLRC ක්‍රියාවට නැගීමට ආණ්ඩුවට බලකර සිටීමය.

ආණ්ඩුව LLRC ගෙන ආයේ උතුරේ ජනයා පිලිබඳ සැබෑ මැදිහත්වීමක් සදහා නොවනවාක් මෙන්ම අද ඉන්දියාව ඇතුළු බොහෝ දෙනා එය ක්‍රියාවට නැගීමට බලකරන්නේද දෙමළ ජනයා පිලිබඳ සැබෑ වුවමනාවකින් නොවේ.

LLRC යේ කථා කළද, නොකළද ලාංකීය සමාජය මුහුණ දුන් මානව ඛේදවාචකයෙන් පසු උතුරේ පීඩිතයාට සිය අයිතිවාසිකම් අත්කර දීමට අද දවසේ ප්‍රමුඛ කාර්යභාරයකි. ඒ සදහා උතුරේ පීඩිතයාද සමග දකුණේ පීඩිතයාද එක්වූ අරගලයක් තිබේ. එය මඟහැර යන ජාතිකවාදී මාවතක් තුළ හෝ හුදකලා අරගල භාවිතයක් හනු නැවත නැවතත් පරන උගුලේම වැටීමකි. එතෙක් අද උතුර සටන් කරන තුරු නොව උතුර වෙනුවෙන් දකුණ සටන් කරන දේශපාලනයක් කැදවිය යුතුව තිබේ.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 102 guests online

Advertisment

advertisment