Latest news
A+ R A-

වසර 12 සිර දඬුවම මරණ දඬුවමක් වෙයි

E-mail Print PDF

 

altරට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ රෝයල්පාක් ඝාතනයේ චූදිතයාට ලබා දී තිබූ වසර 12ක සිර දඬුවම හා රුපියල් 50,000ක දඩ මුදල වෙනස් කොට අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

altමහාධිකරණය විසින් ඔහුට ලබා දුන් දඬුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයා එම තීන්දුවට විරුද්ධව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. 

2005 වසරේ මැයි මස 30 වැනිදා රාජගිරි‍යේ රෝයල්පාක් සුපිරි නිවාස සංකීර්ණ‍යේදී මෙම ඝාතනය සිදු වූ අතර මරණයට පත්ව තිබුණේ ‍ඉවෝන් ජොන්ස්ටන් නමැති 19 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණියකි. ඇය එම නිවාස සංකීර්ණයේ 23 වැනි මහළේ නිවසක පදිංචිව සිටි අතර ඇගේ මළ සිරුර හමුවූයේ 19 මහලේ තිබියදීය.

විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ජූඩ් ඇන්තනී ජයමහ නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැණිනි.

ඒ අනුව ඔහුට පළමු දඬුවම නියම කෙරිණි.

අධිකරණ තීන්දුවකින් නියම කරන ලද දඬුවමක් ප්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කළ පරීක්ෂණය, එවැනි පරීක්ෂණ සඳහා පොලිසිය දක්වන දක්ෂතාව මනාව පෙන්වයි. පොලිසිය මෙවැනි ඉතා සංකීර්ණ පරීක්ෂණ රැසක් සාර්ථකව අවසන් කර තිබේ. ඉන් පෙනෙන්නේ බොහෝ අපරාධ අනාවරණය කර ගැනීමට  පොලිසිය දක්වන දක්ෂතාවයයි. එහෙත්, ආණ්ඩුවට විරුද්ධ මත දරන දේශපාලන ක්‍රියාකාරකයින්, මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයින් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය පුරා පැහැර ගැනීමට, පහරකෑමට, අතුරුදහන් කිරීමට හා ඝාතනයට ලක් විය. ඒ කිසිවක් සම්බන්ධයේ මේ තරම් දක්ෂතා ඇති පොලිසියට සාක්ෂියක් හෝ සොයා ගැනීමට හැකි නොවීය. එසේ වී ඇත්තේ එම සිදුවීම් පිටුපස ඇති ආණ්ඩුවේ හස්තය නිසා බව විචාරකයෝ පෙන්වා දෙති.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 115 guests online

Advertisment

advertisment