විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් දියත් කරනු ලබන වැඩ වර්ජනයට සම්බන්ධ නොවී සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සිය තීරණය වෙනස් කර තිබේ. ඒ අනුව ඔවුන්ද මේ වන විට වැඩ වර්ජනයට එක්ව සිටින බව වාර්තා වේ.
මේ අතර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ සරසවි ආචාර්යවරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.
මීට පෙර පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇති අතර එහිදී ලලිත් වීරතුංග මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව විසඳුමක් දෙන බවයි. ඒ අනුව අද සාකච්ඡාවට දින යොදා තිබිණි.







