හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ උසස් පෙළ සිසුන්ට හමුදා පුහුණුව ලබා දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දෙමාපියෝ විරෝධය පළ කරති.
පසුගියදා එම පුහුණුව ආරම්භ වූ අතර බොහෝ දෙමාපියන් සිය දරුවන් ඊට යොමු කර නැත.
ලංකාවේ හමුදා සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර නොතිබියදී උසස් පෙළ දරුවන්ට හමුදා පුහුණුව ලබා දෙන්නේ කවර පදනමක් යටතේදැයි දෙමාපියෝ ප්‍රශ්න කරති.






