රිය අනතුරුවලින් තුවාල ලබන පුද්ගලයකුට ප‍්‍රතිකාර කිරීම සඳහා එක් දිනකට රුපියල් ලක්ෂයක් පමණ වැය වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිනකට රිය අනතුරු 2000ක් පමණ රට පුරා සිදු වන බවයි. රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 5දෙනකු පමණ මිය යන බවද ඔහු පෙන්වා දී තිබේ.
සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුව මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම නිසා රියදුරන් වේගයෙන් වාහන එලවීම මෙම අනතුරු ඉහළ යාමට හේතුව බවයි.
කෙසේ වෙතත් රිය අනතුරු පිළිබඳව අදහස් පළ කරන විද්වතුන් පවසන්නේ රිය අනතුරු වැඩිවීමට හේතු වන්නේ වත්මන් ආර්ථික රටාවේ අවිධිමත් භාවය හා ඊනියා සංවර්ධනය බවයි. මාර්ගවලට දැරිය නොහැකි තරම් විශාල වාහන සංඛ්‍යාවක් මාර්ගවල ධාවනය වීම මෙහි ප‍්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන ඔවුහු මනා ප‍්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමෙන් තොරව ජනතාව දැනුවත් කිරීමෙන් හෝ දඩ මුදල් වැඩි කිරීමෙන් රිය අනතුරු අඩු කළ නොහැකි බවද අවධාරණය කරති.
විධිමත් මගී ප‍්‍රවාහන සේවයක් නොමැති වීම නිසා සිය දෛනික ගමනාගමනයන් සඳහා පෞද්ගලික වාහන භාවිත කිරීමට බොහෝ දෙනකුට සිදුව තිබේ. එම ගැටලූවට විසඳුම් ලබා දීම පළමුවෙන් සිදු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.






