A+ R A-

සොල්දාදුවාට කොකා පෙන්වීම

E-mail Print PDF

altදේශපාලකයන්ට නොපෙනේ. ඒ අපව අමතක කර ඇති නිසාය. ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් හඬ නඟන අපට ද හෙට මරණ තර්ජන එල්ලවනු ඇත.-ආබාධිත සොල්දාදුවන්

 

මුලතිව්වල අක්කර දහස් ගණනක් ඉඩම් හමුදාව අල්ලාගෙන. අද මහපාරවල්වල, ගස්යට, අනාථ කඳවුරුවලට අපි ගාල් වෙලා.-මුලතිව් වැසියෙක්

 

වව්නියා බන්ධනාගාරයේ සිදු වූ පහරදීමෙන් දෙමළ සැකකරුවෙක් මියයයි.-ජාතික පුවත්පත්

 

ඇමැතිවරුන්ගේ ලිපි පෙන්වමින් යුද්ධයේ අබලි යකඩ ටොන් ලක්ෂ ගණනක් ඇතැම් පුද්ගලයන් රැගෙන යනවා-ඉරණමඩු කඳවුරේ සෙබළෙක්

මේ වසර තුනකට පෙර අවසන් වූ යුද්ධයේ විලාප හඬ අතරින් ඇසෙන දෙබස් කණ්ඩ කිහිපයක් පමණකි. 2009මැයි

18දා යුද්ධය අවසන් කර අදට වසර 03කි. පශ්චාත් යුද වාතාවරණය තුළ සමාජය මුහුණ දෙන ගැටලූවලට පිළිතුරු ලබාදීමට ආණ්ඩුව සමත් වී නැතැයි කීම පරණ කතාවකි.

ආබාධිත සොල්දාදුවන් මුහුණ දෙන තත්වය ඊට අලූත් උදාහරණයක් පමණකි. මේ වන විටත් ආබාධිත සෙබළුන් 1,500කගේ පමණ ආබාධිත දීමනාව කපා හැරීමට ලක්ව ඇති අතර ඉදිරියේදී ආබාධිත සෙබළුන් 15,000කගේ පමණ ආබාධිත දීමනාව ඇතුළු දීමනා කපා හැරීමට නියමිතය. වසර 30ක් තුළ පැවති යුද්ධයේදී කි‍්‍රයාන්විතවල ආබාධිත වූ යුද හමුදාවේ ආබාධිත සෙබළුන් විශේෂ වෛද්‍යමණ්ඩලයක් හමුවට පමුණුවා අවස්ථා 04ක් යටතේ වර්ගීකරණය කර එසේ වර්ගීකරණයට ලක්වන කොටස් 85%ක විශ‍්‍රාම වැටුප් ලබාදීමේ සුදුසුකම මත විශ‍්‍රාම ගන්වනු ලබයි. එම කි‍්‍රයාමාර්ගය, 1998වසර දක්වා කි‍්‍රයාත්මක කෙරිණි. ඉහත සඳහන් මෙම වර්ගීකරණයට අනුව,

1. තම බළඇණිය සමග රාජකාරී කිරීමට හැකි අයවලූන් මෙම වර්ගීකරණයට අයත් වේ. රෙජිමේන්තුවේ අවශ්‍යතාමත මොවුන්ගේ උසස්වීම් සිදු කෙරේ.

2. මව් ඒකකය සමග රාජකාරි කිරීමට නොහැකි, එහෙත් වෙනත් ඒකකයක රාජකාරි කිරීමට හැකි පුද්ගලයන්.

3. 12/86හමුදා චර්යා නියෝග ප‍්‍රකාරව වෛද්‍යමණ්ඩලය හමුවට පමුණුවා තවදුරටත් හමුදා රාජකාරියේ රැදී සිටීමට හැකි පුද්ගලයන්.

4. 12/86හමුදා චර්යා නියෝගය ප‍්‍රකාරව වෛද්‍යමණ්ඩලයට ඉදිරිපත්කොට සේවය සඳහා නුසුදුසු, විශ‍්‍රාමයාමට කැමැති පුද්ගලයන්.

වශයෙන් මෙලෙස වර්ගීකරණයට ලක්කරති.

මෙම පුද්ගලයන්ගේ ආබාධිත බව 20%-100%දක්වා ප‍්‍රතිශතාත්මක ලෙස තීරණය කෙරේ. මීට අනුව ඉහත වර්ගීකරණය යටතේ විශ‍්‍රාම ගන්වනු ලබයි.

මෙම විශ‍්‍රාම ගැන්වීමේදී අවුරුදු 10ට වැඩි නිලයන් සඳහා සියලූ හිමිකම්වලට අනුව විශ‍්‍රාම වැටුප් ලබාගැනීමේ අයිතිය හිමි වේ. එමෙන්ම ඉවත්ව යන සෙසු නිලයන් සඳහා ද ආබාධිත බව හා දුබලතාවයේ ප‍්‍රතිශතය මත වන්දි මුදල් හිමිවිය යුතුය. එහෙත් මේ වන විටත් කපා හැර ඇත්තේ ආබාධිත සොල්දාදුවන්ට හිමිවිය යුතු වන්දි මුදල් හා විශ‍්‍රාම වැටුප්ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් චක‍්‍රලේඛ අංක 21/88අනුව නිකුත් කර ඇති 12/86යුද හමුදා චර්යා නියෝගයට අනුව 98වසර දක්වාම මෙම වන්දි හා දීමනා ලබා දීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇත. එම තත්වය තුළ යුද හමුදා වෛද්‍යමණ්ඩලය මගින් 98වසර දක්වා 20%-40%දක්වා වූ අඩු ප‍්‍රතිශතයක් සහිත ආබාධිත පුද්ගලයන්ට ද එම නියෝගය 98වසර දක්වා කි‍්‍රයාත්මක කර තිබේ. එහෙත් යුද හමුදා වෛද්‍යමණ්ඩලය මගින්, 1998වසරේ සිට ආරක්‍ෂක අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කරමින් අතිරේක ලේකම්වරයෙකුගේ මාර්ගයෙන් මෙම චක‍්‍රලේඛය කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවා ඇත. ඒ ආබාධිත සොල්දාදුවන් තවදුරටත් පුනරුත්ථාපනය කළයුතු බවට දැනුම් දෙමිනි. එහෙත් සිදුව ඇත්තේ වෙනත් පිරිසකගේ ‘පුනරුත්ථාපනයකි’. එනම් ඉහත සඳහන් චර්යා නියෝගය අත්හිටුවා පසුගිය යුද සමයේ ආබාධිතයන් යුද්ධයට යොදාගැනීමය. එහි දී අල්ලාගනු ලැබූ ප‍්‍රදේශ ආවරණය කිරීමට ආබාධිත සෙබළුන්ට සිදුව තිබේ. සැලකිය යුතු ආබාධිත සෙබළුන් පිරිසක් එහි දී එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාර තුළින් මරණයට පත්වී ඇත. එම තත්වය තුළ ආබාධිතයන්ට වැටුප් දීමනා ගෙවීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් ‘විසඳා ගැනීමට’ සමත් වී ඇත.

12/86චර්යා නියෝගය අත්හිටුවීම තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් ගසාකෑම්වල නිරත වන බව අබාධිත සොල්දාදුවෝ සඳහන් කරති. ඔවුන් සඳහන් කරන්නේ සෙබළුන් පුනරුත්ථාපනය සඳහා වෙන්කරන ඖෂධ හා මුදල් මෙලෙස ගසාකෑම්වලට ලක්කරන බවයි. ආබාධිතයන් විශ‍්‍රාම නොගන්වා තබා ගැනීමත්, විශ‍්‍රාම ගිය පිරිසේ දීමනා කපා හැරීමත් පිටුපස ඇති රහස මෙම ගසාකෑම බව ඔවුහු පවසති. මෙම තත්වය තුළ වසර 55දක්වා වූ වැටුප් ලැබීම, සේවා විශ‍්‍රාම වැටුප, දුබලතා විශ‍්‍රාම වැටුප, ඉපයීමේ ශක්තියේ ප‍්‍රතිශතය මත ආබාධිතයන්ට ගෙවනු ලබන වන්දි මුදල වෛද්‍යමණ්ඩලය මගින් මෙලෙස කපා හැරීම සිදුකර ඇත. මෙම තත්වය තුළ කි‍්‍රයාන්විත රාජකාරිවල නියැළී සිටි සැලකිය යුතු පිරිසකට මෙම ඉරණම අත්ව තිබේ. ඉදිරියේදී තවත් පිරිසකට එම ඉරණම අත්වීමට නියමිතය.

ඊට අනුව උතුරේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත හා යුද්ධයෙන් ආබාධිත වූ සෙබළුන් වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත අතර බරපතළ පරස්පරයක් නැත. ආබාධිත විශ‍්‍රාම වැටුප කපාහරිමින් ‘රණවිරුවන්ට’ ‘දේශපේ‍්‍රමී’ ආණ්ඩුව කොකා පෙන්වා ඇත. රණවිරුවා යැයි ‘අන්දවා’ යුද්ධයට යොදාගෙන ඉන් ආබාධිත වූ පසු එම දීමනා කපා හැරීම තරම් සරදමක් සොල්දාදුවෙකුට සිය ජීවිතයේ හමුවිය නොහැකිය. එම පාඩමේ වැදගත් පරිච්ෙඡ්දය අද ජනතාවට තළන දූෂිත දේශපාලකයන් රකින්නන්ටය.

ජනතාවට එරෙහිව පුද්ගලයන් යොදාගැනීමේ ඛේදවාචකයේ ඓතිහාසික සංකේතය නිල, නොනිල සොල්දාදුවා හැර අන් කවරෙක් ද?

 

ධනූ රාමවික‍්‍රම

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment