බොලිවුඞ් සුපිරි නළු රාජේෂ් ඛන්නා අද මියගොස් ඇත. ඉන්දියාවේ පළමු සුපිරි නළුවා ලෙස සැළකෙන රාජේෂ් ඛන්නා මිය යන විට 69 වන වියේ පසු විය. කුමන රෝගාබාධයකින් ඔහු මිය ගියේ දැයි මෙතෙක් හෙළිව නැති නමුත්, අව රුධිර පීඩනය හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගත කිරීමෙන් පසු ඔහු යළි මුම්බායි හී පිහිටි නිවසට පැමිණ කාලය ගත කරමින් සිට ඇත.
වකුගඩු ආබාධයක් හේතුවෙන් පසුගිය ජුනි මස 24 වනදා ද රාජේෂ් ඛන්නා රෝහල් ගතවී ඇත. ඔහු චිත‍්‍රපට 160 කට වැඩි ප‍්‍රමාණයක රඟපා තිබෙන අතර ඉන් '' කතීපතාන්ග්, ආරාධනා, ආනන්ද් සහ අමර්පේ‍්‍රම් ” වැනි චිත‍්‍රපට ඒ අතර වනවා. 1969 සිට 72 දක්වා ඔහු රඟපෑ චිත‍්‍රපට 15 ක් අඛණ්ඩව ඉහළ ජනප‍්‍රසාදය දිනා ගැනීමට සමත්ව තිබිණ.






