ඉන්දීය ජනාධිපති වරණය අද උදෑසන එරට පාර්ලිමේන්තුව තුළදී පැවැත් වීමට නියමිතය.
මෙවර ජනපති සටන ස`දහා පාලක කොංග්රස් පක්ෂය නියෝජනය කරමින් හිටපු මුදල් ඇමති ප්රනාබ් මුඛර්ජී සහ විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් හිටපු ලෝක් කථානායක වරයකු වන ජී.ඒ. සංග්මා තර`ග වදින බව විදෙස් වාර්ථා තහවුරු කරයි.
ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 777 දෙනෙකුගෙන් සහ ප්රාන්ත මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයින් 4120ක ගේ ඡුන්දයෙන් එරට ජනාධිපතිවරයා තොරාගැනීම සිදුවෙනවා.අද පැවැත්වෙන ඡුන්දයේ ප්රතිඵල ගනනය කරණු ලබන්නේ ඉරිදා දින බවද වාර්ථා වේ.







