A+ R A-

නිමලරූබන්ගේ දේහය වවුනියාවට ගෙනයාමට අවසර

E-mail Print PDF

 

altබන්ධනාගාර නිලධාරීන්ගේ පහරදීම් හේතුවෙන් පසුගියදා මහර බන්ධනාගාරයේදී මියගිය ගනේෂන් නිමලරූබන් තරුණයාගේ දේහය අවසන් කටයුතු සඳහා වවුනියාවට රැගෙනයාමට ඔහුගේ දෙමාපියන් සහ නීතිපතිවරයා අතර මෝසමක් මගින් එකඟතාවට පැමිණ තිබේ.

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන්ගේ නිල මැදිරියේදී මෙම මෝසම අනුමත කෙරිනි. මෝසමට අනුව මේවන විට මහර මහේස්ත්‍රාත්වරයා විසින් එම ප්‍රදේශයෙන් පිටතට ගෙනයාමට තහනම්කර ඇති නිමලරූබන්ගේ දේහය වවුනියාවට ගෙනයාමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට නියමිතය. ඒ අනුව ලබන 23 වැනිදා පොලීසිය නිමලරූබන්ගේ මල සිරුර ඔහුගේ දෙමාපියන්ට භාරදිය යුතුය. ඉන්පසු දේහය වවුනියාවට රැගෙන විත් අවසන් කටයුතු සිදුකිරීම දෙමාපියන් සහ වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අතර සම්බන්ධීකරණයක් තුළින් සිදුවිය යුතු බව මෝසමේ සදහන්ය.

පසුගිය ජුනි 29 වැනිදා වවුනියාව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියෙන් පසු අනුරාධපුර බන්ධනාගාරයේදී සහ මහර බන්ධනාගාරවලදී අමානුෂික ලෙස පහරකෑම හේතුවෙන් බරපතල තුවාළ ලබා සිටි නිමලරූබන් පසුගිය ජුලි 04 වැනිදා මහර බන්ධනාගාරයේදී මිය යන ලදි. පසුව ඔහුගේ දේහය රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ආණ්ඩුව ප්‍රකාශ කළේ ප්‍රතිකාර ලබාගැනීම සදහා ඔහු රාගම රෝහලට ඇතුළත් කළ බවයි. කෙසේ වෙතත් ඔහු රාගම රෝහලට ඇතුළත්කරන විට මියගොස් සිටි බව රෝහල් අධ්‍යක්ෂිකාවද තහවුරුකර තිබිණි. 

Comments

 
0 # Karu 2012-07-23 22:32
නිමල රූබන්ගේ දෙමව්පියන්ට අපේ කණගාටුව ප‍්‍රකාශ කරමු
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 26 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 26 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි  ස්වල්පයක්  ඇති වේ. මෙමවැසි වයඹ... Read more

online

We have 125 guests online

Advertisment

advertisment