ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් බිලියන 2.6 ක ණය මුදලේ අවසන් වාරිකය වූ ඩොලර් මිලියන 415ක මුදල ලබාදීමට එම අරමුදලේ විධායක සභාව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ විනිමය අනුපාත තීරණය කිරීමේ වගකීමෙන් මහ බැංකුව නිදහස්වීම, බැංකු පොලී අනුපාත ඉහළ නැංවීම, රාජ්‍ය වියදම් සහ සහනාධාර කප්පාදු කිරීම ඇතුළු මුල්‍ය අරමුදල විසින් තම ණය වාරික ලබා දෙමින් ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කළ කොන්දේසිවලට යහපත් ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම අවසන් ණය වාරිකය නිකුත් කිරීමට එම අරමුදල තීරණය කර තිබේ. මෙම ණය මුදල වාරික අටක් ලෙස ලබාදීමට මූල්‍ය අරමුදල කටයුතු කළ අතර එහි මුල් වාරිකය ලබාදෙනු ලැබුවේ 2009 වසරේ ජුනි මාසයේදීය.
මේ අතර මෙම අවසන් ණය වාරිකය ලබා ගැනීමෙන් පසුවද මහ බැංකුව තවත් ඩොලර් මිලියන 1000ක ණය මුදලක් මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට නියමිත බව පැවසේ.







