ශ්‍රී ලංකා යුද පොලිස් සේවා බලකායේ සේවයේ නියුතුව සිටි හමුදා සෙබළකු ගෙලවැලලාගෙන මියගොස් තිබේ. එම බලකායට අයත් පලාලිහි සංචාරක නිවාඩු නිකේතනයේ සේවයේ නියුතුව සිටියදී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි සෙබළකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පලාලි පොලීසිය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
යුද්ධයෙන් පසු ගතවූ කාලය තුළ හමුදා සෙබළුන් මේ ආකාරයෙන් සියදිවි හානිකර ගැනීම් සහ අනෙකුත් සෙබළුන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.






