ඔක්තෝබර් 8 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක ලබන 25 වැනි දින ලබා දීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
මේවන විට දිස්ත්‍රික්ක මට්ටමින් මනාප අංක සැකසීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් පසුව ඒවා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී නැවත සමීක්ෂණය කර නිකුත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.







