ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබා දෙනු ලබන ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක ණය මුදලෙහි අවසන් වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 415මුදා හැරීමට තීරණය කර තිබේ.
එහි පළමු වාරිකය වූ ඇමරිකානු ඩොලර් මිලියන 322.2ක ණය මුදල නිකුත් කරන ලද්දේ 2009ජුනි මාසයේදීය. ඉන් පසුව වාරික කිහිපයකින් එම මුදල ලබා දෙනු ලැබීය.
මෙම ණය ලබා දුන් සෑම වාරිකයක් පාසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකා ආණ්ඩුවට විවිධ ආර්ථික හා දේශපාලන කොන්දේසි පැන වූ අතර ඒවා ඉටු කරන තුරු ණය වාරික නිදහස් නොකරන ලදී.
මෙම ණය මුදල ලබා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව ලංකාවේ ප‍්‍රාග්ධන ගිණුව විවෘත කිරීම, සහන කප්පාදු කිරීම, බැංකුවලට හා මූල්‍ය පද්ධතියට බලපාන අහිතකර තීන්දු ගණනාවක්ම ක‍්‍රියාත්මක කළ බව විශ්ලේශකයෝ පවසති.
ණය වාරික නිදහස් කළේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පූර්ණ කර ඇති නිසා බව එම මූල්‍ය අරමුදල මීට පෙරද ප‍්‍රකාශ කර තිබිණි.








