නීති විරෝධීව ඕස්ටේ්රලියාව බලා යමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් 53දෙනාත් සමග ජූලි මාසය තුළදී අත්අඩංගුවට ගත් පිරිස 454ක් දක්වා ඉහළ යන බව නාවික හමුදාව පවසයි.
ජුලි මාසය තුළය තුළදී අත්අඩංගුවට ගන්නා ලද යාත්රා ගණන 9කි. 2012වර්ෂය තුළ 1500කට අධික පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත්ව ඇති අතර ඔවුන්ගෙන් බහුතරය උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් අය බව පොලිසිය අනාවරණය කරයි.
ඊයේ 53දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නිලාවේලි මුහුදු තීරයේදීය. ඔවුන් ත්රිකුනාමලය, කිලිනොච්චිය, යාපනය හා මීගමුව ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.








