තමිල්නාඩුවේ පොල්ලාච් නගරයේ පැවති කරාතේ තරගයකට සහභාගි වීමට ගිය මෙරට කරාතේ ක්‍රීඩකයින් තිදෙනකු තරග සංවිධායකයින් විසින් ආපසු හරවා එවා ඇත.
එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධාන කිහිපයක් විසින් ලාංකිකයින් සහභාගි කර ගැනීම ගැන තරග සංවිධායකයින්ට එල්ල කරන ලද විරෝධය නිසා ඔවුන් මෙම තීරණය ගත් බව පැවසේ.








